BREAKING NEWS
Search

ඇති තරම් ඉන්ධන තියෙනවා.බෙදාහැරීමට බාධා කරන්න එපා – බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක්

186

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග ලැබී ඇති බැවින් ඒවා බෙදා හැරීමට බාධා නොකර සහය ලබාදෙන්නැයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට තිබුණ ද ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවයි.

දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණයට අමතරව තවත් ජෙට් ඉන්ධන හා ඩීසල් තොගයක් ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

යාත්‍රා දෙකක රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් (120,000) ඇමරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් අනතුරුව ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගාවොට් 810ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බවයි ඇමතිවරයා සඳහන් කළේ.

තැනින් තැන සිදු කෙරෙන උද්ඝෝෂණ හා මාර්ග අවහිර කිරීම් නිසිපරිදි රටපුරා ඉන්ධන බෙදා හැරීමට බලවත් බාධාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

බෙදාහැරීම අඩාල වූ විට රෝහල්වල විදුලි ජනක යන්ත්‍ර පවා ඇණ හිටින බැවින් ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට ඊට සහය වන ලෙසටයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට අයාචනය කරන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *