BREAKING NEWS
Search

පාර්ලිමේන්තුව විසුරවමු මහ මැතිවරණයකට යමු. මම සූදානම් – ඉල්ලා අස් වූ ඇමති

216

මීට ටික දිනකට පෙර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ඔහු රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන ලෙසටයි.

පුද්ගලික මතය

එය තමාගේ පුද්ගලික මතය බව සඳහන් කළේ ඔහු ඒ යෝජනාව සඳහා තමන් අත්සන් කරන බවද පෙන්වා දුන්නා.

වත්මන් අර්බුදකාරී අවස්ථාවේ විපක්ෂයේ කිසිවකු මන්ත්‍රීවරුන් 113කගේ සහාය ඇතිව ආණ්ඩුව භාර ගැනීමට සුදානම් නැති බවද ඔහු සඳහන් කළා.

තමන් නියෝජනය කරන ආණ්ඩුවට රට කරන්නට බැරිනම් කරන්න පුළුවන් පිරිසක් ඉදිරිපත් වී එය භාර ගන්නා ලෙසට අබේගුණවර්ධන මහතා විපක්ෂයට ආරාධනා කළා.

අභියෝගය බාර නොගැනීම

එහෙත් කිසිවකු එසේ ඉදිරිපත් නොකොට විපක්ෂය ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ විවේචනය කරන බවටයි ඔහු චෝදනා කරන්නේ.

හැකිනම් විපක්ෂයේ අයට තරුණයින් අරගල කරන ගාලූ මුවදොරට ගොස් පෙන්වන ලෙසට අභියෝගයක් කරමින් අභයගුණවර්ධන මහතා විශේෂ කරුණක් ද පෙන්වා දෙනවා.

ඒ ගාලුමෝදර උද්ඝෝෂණ ස්ථානයට ගියහොත් ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද විරෝධතාකරුවන්ගෙන් ගුටි කෑමට සිදුවන බවයි ඔහු සදහන් කරන්නේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *