BREAKING NEWS
Search

ගෝල් ෆේස් යන්නමයි ආවේ,නැත්නම් එන්න ඕනේ නෑනේ -හොඳම නළුවා අරගලයට එකතු වෙන්න ලංකාවට පැමිණෙයි

354

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර අද මෙරටට පැමිණියා.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගාලු මුවදොර විරෝධතාවට සහය පළ කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව යි.
මාධ්‍යවේදියා: ඇත්තට ම ගෝල් ෆේස් යන්න ද ආවේ? 
හිරාන්: අනිවාර්යයෙන් ම. නැත්නම් එන්න ඕනේ නෑනේ. මට මේක (සම්මානය) ගැන සතුටු වෙන්න ඕනේ. සතුටක් දැනෙනවා. හැබැයි ඒක වලාකුළු ගොඩකින් වැහිලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මොකකින් හරි මට බොක්කෙන් මෙහෙට ආයෙත් කතා කළා. ඉතින් මම ආවා.
එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති 2022 Laurence Olivier Awardsහි හොඳ ම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හිරාන් අබේසේකර පසුගිය දා සමත් විය.
ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.
 ‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය Lolita Chakrabartගේ නිර්මාණයකි.
සම්මානය ලබා ගත් අවස්ථාවේදී හිරාන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහය පළ කිරීමට ද අමතක නොකළ අතර එහිදී මෙසේ පැවසීය.
“මගේ රට ශ්‍රී ලංකාව, (ඔවුන්) මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!
Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *