BREAKING NEWS
Search

මට ඇමැතිකම් එපා. මගේ එක තරුණයෙක්ට දෙන්න- පැත්තකට වෙමින් බන්දුල ජනාධිපතිට ලියුමක් යවයි

428

ඉදිරි දින කිහිපයේදී පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් තමා බාර නොගන්නා බව හිටපු වෙළෙඳ ඇමති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ඇතිව තිබෙන අර්බුදය විසදීම සදහා තරුණ පිරිසකගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත්,ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා තමා කැබිනට් මණ්ඩලයේ වගකීමක් බාර නොගන්නා බවත් ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ  ලිපියේ සඳහන් කර ඇත .

කෙටි කාලසීමාවක් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි යෝජනා කර ඇති ඇමතිවරයා අර්බුදය සමනය වූ පසුව කැබිනට් මණ්ඩලයට තවත් පිරිසක් පත් කළ හැකි බවට ද යෝජනා කර ඇත.

මීට  අමතරව කෙටි කාලීනව සිදු කළ යුතු වෙනස්කම් රැසක් ද බන්දුල  ගුණවර්ධන මහතා සිය ලිපිය මගින් යෝජනා කර ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *