BREAKING NEWS
Search

ප්‍රවීණ විකට නළු බන්දුට කොන්සල් තනතුර නොදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

357

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ප්‍රවීණ විකට නළුවෙක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි පෙරේදා (14) දිනයේ දී විදේශ කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පසුගිය දා බන්දු සමරසිංහ වෙත අදාළ කොන්සල් තනතුර ප්‍රදානය කර ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල පවා තොරතුරු සංසරණය වූයේ.

ඉතාලියේ මිලානෝ නුවර කොන්සල්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවයෙන් හිස් වූ කොන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇති බවයි වාර්තා වූයේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලා සංසදයෙන් මෙම තනතුර ලබාදීම සිදු කරන අතර, ඔවුන් විසින් මෙම තනතුර බන්දු සමරසිංහ වෙත යෝජනා කෙරුණා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය තුළ මෙම තනතුර නිල වශයෙන් භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බන්දු සමරසිංහ නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැහැ.

මේ අතර, අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, බන්දු ඉතාලියට තනිවම යාමට අකැමැත්ත පළ කර ඇති බවයි.

එසේම, ඔහුගේ පුත්‍රයා වන කාංචන සමරසිංහට ඔහු සමඟ ඉතාලියට යාමට සහ එම රටේ වෘත්තියක නියැලීමට අවස්ථාවක් හිමි කර දී ඇති බවත් වාර්තා වුණා.

නමුත්, ආරංචි මාර්ග අනුව, කාංචන සමරසිංහගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කෙරුණු ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහට අදාළ තනතුර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිය එකඟත්වය පළ කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර, මෙම ආරංචි මාර්ගය සම්බන්ධයෙන් බන්දු සමරසිංහගේ පුතු වන කාංචන සමරසිංහ විසින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

ඒ තම පියා ගෙදර ඇති බවත්, කිසිදු තනතුරක් භාරනොගන්නා බවත් සඳහන් කරමින්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *