BREAKING NEWS
Search

පොලිස් අයියලාට රෝස මලක් දුන්න සුන්දර කෙල්ල

386

මේ දිනවල රටේ සෑම ප්‍රදේශයකින්ම වාර්තාවන අරගලයන් අතර ඇතැම් අරගලයන් තුල මානුෂීය සිද්ධීන් මෙන්ම ඇතැම් ස්ථානයන් වල අමා’ නුෂික සිද්ධීන්ද වාර්තා වනවා.

එලෙස වාර්තා වුණු විවිධ සිදුවීම් අතර බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු සිදුවීමක් තමයි පසුගිය දිනක පැවති අරගලයක් අතරතුර දී සුන්දර තරුණියක් විසින් පොලිස් නිලධාරියකු හට රෝස මලක් දී මේ සිදුවීම.

ඉතින් මෙම සිදුවීම විවිධ පුද්ගලයින් විවිධාකාරයෙන් අර්ථකථනය කර තිබුණද බොහෝ දෙනා ඇයගේ මෙම ක්‍රියාව ඇගයීමට ලක් කර තිබුණා.

ඒ වගේම මෙම සිදුවීමත් සමඟ බොහෝ දෙනා ඇය පිළිබඳව සෙවීමට යොමු වුණා කිව්වොත් නිවැරදියි. ඉතින් මෙම අරගල භූමිය මිත්‍රත්වයේ, සෙනෙහසේ සුවඳ මලින් සැරසූ ඇය තමයි රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක වන කසුන්සලා ගිම්හානි කියලා කියන්නේ.

ඉතින් ඇයගේ මෙම ක්‍රියාව අගය කරමින් ඇයගේ සමීපතමයින්ඳ මුහුණු පොත තුළ විවිධ සටහන් පළ කර තිබෙනු අපට දක්නට ලැබුනා.

කෙසේ නමුත් ඉතා ආදරණීය හදවතක් හිමි කසුන්සලා සොයුරියට අපගේ හදපිරි උත්තමාචාරය මේ මොහොතේ පුද කරනු ලබනවා.

Source:viral21news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *