අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි

250

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරිමට සුදානම් නොමැති බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත තරුණ පිරිස් ප්‍රකාශ කළා.

ඒ රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපේක්ෂා කරන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර, ගාලු‍ මුවදොර විරෝධතාවට අද (13) කලාකරුවන් වන නිශ්ශංක දිද්දෙණිය, ජයන්ත චන්ද්‍රසිරි, සෝමරත්න දිසානායක සහ රෝහණ විරසිංහ ද එක්ව සිටියා.

විරෝධතාවට එක්ව සිටින පිරිසට ආහාර පානවලට අමතරව ඖෂධ මෙන්ම පුස්තකාල පහසුකම්ද සපයා තිබෙනු දක්නට ලැබුණා.

අද දිනයේදි එම ස්ථානයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම සහ චම්පක රාමනායක ද එක්වුණා.


 
Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *