BREAKING NEWS
Search

කතානායක මන්ත්‍රීවරුන් දෙදෙනකු මැතිසබෙන් ඉවත් කරයි

210

අද දිනයේ වැදගත් විවාදයක් පවත්වන අවස්ථාවේ තිස්ස කුට්ටිආරච්චි සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු දෙපලගේ හැසිරීම කණගාටුදායක බවත් එය අශෝභන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා ස්ථාවර නියෝග 79 යටතේ සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කරන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගත්තා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට පාර්ලිමේන්තුව තහනම් කිරීමට කතානායකවරයා අද පියවර ගත්තා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *