Search

ජනාධිපති උපදේශක කණ්ඩායමට සමාජිකයන් පත් කෙරෙයි

235
බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳව තුන් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති උපදේශක කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළත්.

මීට අමතරව ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් සහ ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ෂාර්මිනි කුරේ එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ එම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් ලබාදීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි.

එම නිවේදනය පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *