Search

භාරකාර ආණ්ඩුවේ ජනාධිපති තනතුරට හර්ෂ ද සිල්වා ?

329

වත්මන් දේශපාලන ආර්ථික අර්බුද හමුවේ අද (06) දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව රැස් වුණා.

එහි දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරය දෙවරක් ම කල් තැබීමට කතානායකවරයාට සිදු වුණා.

එහි දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය කරුණු දැක්වීම අතරතුර දී විශේෂ අදහසක් පළ කළා.

ඔහු පැවසුවේ, වත්මන් අර්බුද විසඳා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් වනවා නම්, එහි ජනාධිපති තනතුරට ආචාර්‍ය හර්ෂ ද සිල්වා සුදුසු බව යි.

මෙය හුදෙක් ම තම පෞද්ගලික මතයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

හර්ෂ ද සිල්වාට ආර්ථිකය පිළිබඳ මනා දැනුමක් ඇති බවත් තරුණයකු වන බවත් යන කරුණු මත ඔහු එවැනි තනතුරකට සුදුසු බව යි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *