විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම අවස්ථාවන්වලදී සංඥා පද්ධති ක්රියාත්මක නොවන බැවින් හරස් මාර්ග හරහා ගමන් කිරීම අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම සංඥා පද්ධති ක්රියාත්මක කිරීම සදහා ආරක්ෂිත බැටරි පද්ධතියක් සවි කර තිබුණ ද විදුලිය විසන්ධි වන කාලය අනුව එය යළි පණ ගැන්වීම් සිදුකර නොහැකි බැවින් එම බැටරි පද්ධතිය අක්ර්රියව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
Source:Hirunews




















