Search

ලොකු ලොකු නම් තියෙන ඉස්කෝලවලට විතරක් තියෙන පහසුකමක් සජිත් වැල්ලවාය දුෂ්කරම පාසලකට අරන් එයි

158

මේ තනතුරු ඔබට දෙන්නම් මේ තනතුර මට දෙන්න යැයි කියා තනතුරු හුවමාරු කරගැනීමෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් , සීත කාමරවල සිට ගන්නා තීන්දු තීරණ මගින් ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ අද පවතින ආණ්ඩුව දේපල වෙළදාම් සමාගමකට සමාන බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රටේ සියල්ල මේ ආණ්ඩුව විසින් විකුණමින් සිටින බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 33 වන බස් රථය ලෙස රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා (රු. 4,600,000.00) බස් රථයක් අද (28) මො/ මල්වත්තාවල මහා මහා විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය.

රට මේ තරම් ප්‍රපාතයට ඇද වැටී තිබියදීත්, එය හොඳ යැයි පවසමින් වන්දිභට්ටකම් කිරීම වහල්භාවය යැයි පැවසූ විපක්ෂ නායකතුමා එය මහා අවාසනාවක්යැයි ද පැවසීය.

මේ බරපතළ කඩා වැටීම සිදු වුයේ හදිසියේ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැති අදූරදර්ශි අකාර්යක්ෂම වැඩපිළිවෙළ ඊට හේතු වූ බවද පැවසීය.


Source:මව්රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *