BREAKING NEWS
Search

දුන්නු ඩොලර් බිලියනය මදිවී ලංකාව ඉන්දියාවෙන් තවත් බිලියනයක ණයක් ඉල්ලයි

143

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් වාර්තාවට අනුව සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද නව ණය මුදල පිළිබඳ ඉල්ලීම ඉටු කරන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී ඇති බවය.

මෙය දැනටමත් ඉන්දියාව විසින් ප්‍රතිඥා දී ඇති ඩොලර් බිලියන 1 ක ණය මුදලට අමතරව ලබා දෙනු ඇති.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මාසයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ඩොලර් බිලියන 1 ක මුල් ණය මුදලක් ලබා ගැනීමේ ගිවසුමටකට ද අත්සන් තැබුවේ ය.

ඊට අමතරව, ඉන්දියාව මේ වසර මුලදී ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දුන්නේ ය.

Source:මව්රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *