BREAKING NEWS
Search

සිංහල අවුරුද්දට මහජනතාවට තවත් සහන

193

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිංහල අලුත් අවුරුද්ද සඳහා අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 සේ දීමනාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

සිංහල අවුරුදු බෝනස් ලෙස අදාළ මුදල ලබාදෙන බව අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සදහන් කළා.

එමෙන්ම, විදුලිබිල, ගෑස් සහ ඉන්ධන මිල ඉහළ දැමීම මේ මොහොතේ කිසිසේත් සිදු නොකරන අතර, විදුලි බිල වැඩි කරන්නේ නම් එය සිදු කෙරෙන්නේ පැය 24 පුරා අඛණ්ඩව විදුලිය ලබාදීමෙන් පසුව පමණක් බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල හමුවට අදාළ සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

ඒ අනුව අදාළ සංශෝධන ගාස්තුව සහ එය ක්‍රියාත්මක කරන දිනය පසුව ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් ගාස්තු ද පසුගිය දා ඉහළ නංවනු ලැබුවේ සියයට 15ක ප්‍රතිශතයකින්.

එහිදී රුපියල් 17ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දැමුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *