BREAKING NEWS
Search

අවුරුදු 25ක් වැඩිමහල් කාන්තාවක් විවාහ කරගත් ඉමැනුවෙල් මක්රොන් ගේ පුදුම ආදරය

318

උදේ සිට රාත්‍රී වෙනතුරුම මගේ ජීවිතය ඇයයිඇය මගේ මුළු ජිවිතයට සමානයි.ඇයගෙන් තොර ලෝකයක් මට නැහැසමහර වෙලාවට මම මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියලා ඇයත් පුදුම වෙනවා.”

මෙසේ පවසන්නේ ප්‍රංශයේ 39 හැවිරිදි නවතම ජනපති ඉමැනුවෙල් මක්රොන් සිය ආදරණිය සහකාරිය වන 64 හැවිරිදි බ්‍රිජෙත් පිළිබඳවයි.වසර 25 ක වයස් පරතරය ට ඔවුන්ව වෙන් කිරීමට හැකිවුණේ නැහැවැඩිමහල් පිරිමින් නිතරම තමාට වඩා වයසින් අඩු කාන්තාවන් විවාහ කර ගැනීම සාමාන්‍ය තත්වයක් වුවත් මෙහි අසාමාන්‍යත්වය වන්නේ කාන්තාව පිරිමියාට වඩා වසර 25 කින් වැඩි වීමයි.

මක්රෝන් බ්‍රිජෙත් ආදර අන්දරය ඇරඹෙන විට මක්රෝන් 15 හැවිරිදි වියේත් බ්‍රිජෙත් 40 හැවිරිදි වියෙත් සිටියදීයිඒ වන විටත් තිදරු මවක වූ ඇය විවාහ වී සිටියේ බැංකුකරුවෙකු සමඟයිඇයගේ දියණියක මකරෝන් හා සම වයසේ පසුවූවා.

වයස් පරතරය නිසාම ඔවුනට එල්ලවූ බාධා කිරීම් අසීමිතයි.දෙමාපියන් මකරෝන්ව පාසලෙන් ඉවත් කර ගත් අතර ඔහු පිටව ගියේ සදා නොවෙනස් ආදරයක් ඇය වෙත ඉතිරිකරමින්.”

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ යොවුන් ආදරවන්තයා 2007 වසරේදී බ්‍රිජෙත් හා විවාහ වුණා.ඒ වන විට ඇය සිටියේ සැමියාගෙන් නිත්‍යානුකුලව වෙන් වී.

ජනපති අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුට බ්‍රිජෙත්ගේ පමණක් නොව ඇයගේ දියණියන්ගේ සහායද නොමඳව ලැබුණාඔහු වේදිකා මත පවත්වන කතා සකසා දෙනු ලැබුවේ බ්‍රිජෙත් විසින්.මකරෝන්ගේ මව පවසන්නේ ඇය තමාට හොඳ යෙහෙළියක බවයි .

සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවය කරන බ්‍රිජෙත් විලාසිතාවන්ටද මහත් සේ ප්‍රිය කරනවා.ඉතින් අසම්මතයයි අසාමන්‍ය මිනුම් දඬුවලින් එතෙර වූ ඔවුනගේ ආදර කතාව සැබවින්ම ආශ්චර්යක් නේද ?

Source : ඉරේෂා –Smartlady

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *