BREAKING NEWS
Search

රටේ තත්වය අනුව මනුස්සයෙක්ට රුපියල් හයක් වියදම් කරලා එහෙම කරන්න අමාරුයි. ඒත් මට ඒක ලබා දුන්න එකට ස්තුතියි-ජනප්‍රිය නළුවා සංවේදී වූ හැටි

280

රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී ජනප්‍රියම නළුවා සම්මානය හිමි වුයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ පාරේ දිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතය රඟපෑ කුසල් මධුරංගටයි.

අද වන විට කෙටි පණිවිඩයක් යැවීමට තරම් වත් ආර්ථික ශක්තියක් ජනතාවට නොමැතිව තිබියදී තමන් ජනප්‍රියම නළුවා කිරීමට කෙටි පණිවිඩ යොමු කල සියලු දෙනාටම ස්තූතිවන්ත වන බව ජනප්‍රිය නළු කුසල් මධුරංග සඳහන් කරයි.

ජනප්‍රිය නළුවා සම්මානය හිමි කර ගැනීමෙන් පසු ඒ පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

“බොහොම ස්තූතියි. මට ආදරේ කරපු මාව දැකලවත් නැති අය මට එස්.එම්.එස් පණිවිඩයක් එව් එකට. ඇත්තටම මේ වෙලාවේ රටේ තත්වය අනුව මනුස්සයෙක්ට රුපියල් හයක් වියදම් කරලා එහෙම කරන්න අමාරුයි. ඒත් මට ඒක ලබා දුන්න එකට ස්තුතියි. දක්ෂතම නළුවා වෙන්න හීන තිබ්බත්  මිනිස්සු අතර ජනප්‍රිය නළුවා වෙයි කියලා හිතුවේවත් නෑ.”

Source: Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *