BREAKING NEWS
Search

එක කොන්දේසියක් උඩ නාමල් ඇමති ධූරයෙන් යන්න සූදානම්

222

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ආදර්ශය ලබා දිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආදර්ශය ලබා දීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා සර්ව පාක්ෂික සමුළුවට කිසිකෙනෙකු නොපැමිණියේද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා බවත් කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදියි.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *