BREAKING NEWS
Search

ඇමැති ජී.එල් දකුණු අප්‍රිකානු තානාපති හමුවෙයි

186

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මහතා හමු වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය හා ප්‍රතිසන්ධානය නැමති කොමිසන් සභාව සතු අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයන්ට ගැළපෙන පරිදි අදාළ අත්දැකීම් නිර්මාණාත්මකව සකස් කරගැනීමට වගබලා ගන්නා අතර, අනෙකුත් රටවල් සතු ධනාත්මක අත්දැකීම් අධ්‍යයනය කිරීම අපේක්ෂාව බවයි විදේශ අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *