BREAKING NEWS
Search

වසරේ රූපවාහිනී නළුවා සම්මානය දිනපු සරා

319

“නාඩගම් කාරයෝ” කියල කිව්වම මේ දිනවල නොබලන,නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම එහි විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් චරිතයක් තමයි “සරා” කියලා කියන්නේ.

ඉතින් “සරා”නම් චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය, අති දක්ෂ, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුත් සජිත ඇන්තනී බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

රංගනයට මෙන්ම නර්තනයට, නිවේදනයට, ගායනයට යන එකී මෙකී නොකී සියලුම අංශයන්ගෙන් හරඹ පාන ඔහු ජැක්සන් ඇන්තනී මහතාගේ තරුණ කාලය වගේ කිව්වොත් කවුරුත් පිළිගනු ඇති.

ඒ වගේම මේ වන විට බොහෝ සම්මානයන්ට පාත්‍ර වී සිටින මේ කඩවසම් රංගන ශිල්පියා පසුගිය දින “Slim kantar people’s awards 2022” හී “වසරේ ටෙලිනාට්‍ය නළුවා” ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වනු ලැබුවා.

මට අවංකවම සතුටුයි.” යනුවෙනුයි.

ඉතින් බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින මේ නිහතමානී, සොඳුරු රංගන ශිල්පියා හට ඉදිරියටත් ලෙසටම ජයග්‍රහණ ලබමින් සාර්ථක ,දිගු ගමනක් යන්න ශක්තිය, වාසනාව ලැබේවා කියා ,මෙන්ම නුදුරේදීම ඔහුට ලැබීමට නියමිත පිය පදවියට ද අපි ඔහුට සුභාශිංශන එක් කර සිටිනවා.

Source:Viral21news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *