ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
මේ වනවිට මෙරට මිලියන 14.4 ක් ජනතාව කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින නමුදු බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ඉදිරි සති 2 තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.
තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් ඊයේ (26) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660, 797 ක් දක්වා ඉහළ ගියා.
Source:Hirunews


















