BREAKING NEWS
Search

අවුරුදු කන්න තෙල් දෙන්නම් – ඇමැති ලොකුගේ ගෙන් තවත් පොරොන්දුවක්

169

අලුත් අවුරුදු සමය වන විට කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත යොමුකරන ඉන්ධන බවුසර් නැවත හරවා එවන තත්වයක් උද්ගත වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පිරවුම්හලක සාමාන්‍යයෙන් දවස් එකහමාරක් දෙකකට විකුණපු තෙල් බවුසරයක් දැන් යනකොට පැය 10න් – 15න් අවසන් වෙනවා. අදත් උදේ 6 ඉඳලා ඒ බෙඳුම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුත්ත කරගෙන යනකොට අපි තීන්දුවක් අරගත්තා කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරයකුයි පෙට්‍රල් බවුසරයකුයි අරින්න. ඒ වගේම හැන්දෑවේ 2 – 3 වෙද්දි තව පාරක් ඒකට අරින්න. දැන් මට උදේ කතා කරාම සමහර තැන්වලින් තෙල් රිටන්වෙලා ඇවිල්ලා තියෙනවා තෙල් ගබඩාවල තියෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ පෙට්‍රල් නෞකාවක් මුතුරාජවෙලට බානවා. ඒ එක්කම තව ඩීසල් නැවක් ඇවිත් තියෙනවා ඒක හවසට කොළොන්නාවට බාන්න පුළුවන්. එතකොට සිංහල අවුරුද්ද වෙද්දි අවශ්‍ය තෙල් ප්‍රමාණය තියෙනවා.”

කෙසේවෙතත් අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඉන්ධන නොමැති බව සඳහන් කරමින් අදත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

Source :Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *