රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව ආහාර ටෙන්ඩරය හරහා වාර්ෂිකව රුපියල් මිලියන 76කට අධික මුදලක් වංචාසහගත අයුරින් ඇතැම් පිරිස් ලබාගන්නා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (24) අනාවරණ කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඊට සත්වෝද්‍යානයේ නිලධාරීන්, වෘත්තීය සමිති මෙන්ම දේශපාලන පාලනාධිකාරියේ ආශිර්වාදයද හිමිව ඇති බවයි.
මේ අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිදුවන බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව ඉකුත් මාර්තු මස 13 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබී තිබුණත් එහි නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.
Source:Hirunews

















