පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ උඩරට සහ උතුරු මාර්ගයේ දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු වැඩි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.
නගරාන්තර දුම්රිය ද මීට ඇතුළත් වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ දුම්රිය ස්ථාන වෙත දන්වා තිබුණේ 23 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය බල පැවැත්වෙන බවයි.
ඔවුන් නිවේදනය කර තිබූ නව ගාස්තු සංශෝධනයට අනුව කොළඹ – කොටුව, මහනුවර, අතර වෙන් කළ ආසන ගාස්තුව පළමු පන්තිය සඳහා රුපියල් 1000 ක් ලෙස දැක්වුණා.
මීට පෙර එම ගාස්තුව රුපියල් 800ක් ලෙසයි පැවතියේ.
එම දුම්රියේ දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 500 ක් වන අතර තුන්වන පන්තියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 300 ක් ලෙසයි දක්වා තිබුණේ.
ගාස්තු සංශෝධනයට පෙර මහනුවර නගරාන්තර දුම්රියේ දෙවන පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 350ක් අය කෙරුණා.
එසේම, බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු ද මෙහිදී ඉහළ දමා තිබුණා. කෙසේ වෙතත්, එම ගාස්තු ඉහළ දැමීම අත්හිටුවීමට තීරණය කළ බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම 24 පස්වරුවේ ප්‍රකාශ කළේ.
Source:Hirunews

















