...
BREAKING NEWS
Search

ඇමති බිරිඳක් ඩොලර් මිලියන ගණනක් රැගෙන රටින් පනින්නට සැරසෙද්දී, කොටු වෙයි

310

හිටපු යුක්‍රේන දේශපාලඥයෙකු වන ඉගෝර් කොඩ්විස්ට්කාගේ බිරිඳ ඇමරිකානු ඩොලර් මිලියන විසි අටක් සහ යුරෝ මිලියන එකහමාරක් රැගෙන රටින් පලා යාමට උත්සාහ දැරීමේදී හංගේරියානු දේශසීමා නිලධාරීන්ට හසු වී තිබෙනවා.

ඇනස්ටාසියා කොඩ්විස්ට්කා නමැති මෙම සුරූපී මන්ත්‍රී බිරිය හංගේරියානු දේශ සීමා බලධාරීන්ට හසු වී ඇත්තේ මෙම අතිවිශාල මුදල් සම්භාරය සූට්කේස් හතරක් තුළ සඟවාගෙන සිය රථයෙන් හංගේරියානු දේශ සීමාව තරණය කිරීමට ගත් උත්සාහයේ දී යි.

ඇනස්ටාසියා කොඩ්විස්ට්කාගේ සමියා වන හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉගෝර් කොඩ්විස්ට්කා සැලකෙන්නේ යුක්රේන දේශපාලනයට එක්ව සිටින ධනවත්ම පුද්ගලයෙක් ලෙසින්.

කෙසේ වෙතත් ඔහු ධනවත් වූ ආකාරය සම්බන්ධයෙන් එරට ජනමාධ්‍ය අවස්ථා ගණනාවක දී විවිධ ප්‍රශ්නාර්ථ මතු කළා.

කෙසේ වෙතත් මේ වන විට ඇනස්ටාසියා කොඩ්විස්ට්කා ට එරෙහිව අතිවිශාල මුදල් සම්භාරයක් දේශ සීමසීමා ආරක්ෂක නිලධාරීන්ට වසන් කරමින් රැගෙන යාමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් හංගේරියානු බලධාරීන් විසින් අපරාධ නඩු පැවරීමක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇනස්ටාසියා කොඩ්විස්ට්කා හංගේරියානු දේශ සීමාව තරණය කිරීමට සැරසී ඇත්තේ තවත් හංගේරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇයගේ මව සමග බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය හංගේරියානු දේශ සීමාව තරණය කිරීමේ දී ඇය සතුව ඇති මුදල් ප්‍රමාණය අනාවරණය කර නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇනස්ටාසියා කොඩ්විස්ට්කාගේ සැමියා සඳහන් කර ඇත්තේ සිය බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා යුක්‍රේනයෙන් බැහැරව යන බවයි.

කෙසේ වෙතත් මෙම ගමනේ දී ඇය රැගෙන ගිය මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔහු වැළකී තිබෙනවා.

ඉගෝර් කොඩ්විස්ට්කා යුක්‍රේන්යේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපාරයේ සහ යුරේනියම් සංචිත තොග පවත්වා ගැනීම සම්බන්ධ ව්‍යාපාරයකට සම්බන්ධව සිටින ධන කුවේරයෙක්.

කෙසේ වෙතත් මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මෙලෙස යුක්‍රේනයේ ධනවත් පුද්ගලයින් සතු ධනය විවිධ මාර්ග හරහා හොර රහසේ රටින් පිට කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම මේ වන විට යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් යුද්ධයෙන් බරපතළ ලෙස පීඩා විඳිමින් සිටිද්දී මේ අයුරින් ධනකුවේරයන් ඔවුන්ගේ ධනය හොර රහසේ රටින් පිටමං කිරීම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනෙක් කියා සිටියේ යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් එදිනෙදා ආහාරයට යමක් සොයා ගත නොහැකිව, ඇඳුම් පැළඳුම් සපයා ගත නොහැකිව ඔවුන්ගේ කුඩා දරුවන්ගේ ළදරු තුවා සපයාගත නොහැකි තත්ත්වයක සිටිය දී ආත්මාර්ථකාමී ලෙස දේශපාලනඥයින් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

Source :Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.