BREAKING NEWS
Search

කුලී නිවාස වල ජිවත් වන අයට සුභ පණිවිඩයක්

257

අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා “කුලී සින්න” නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉඩම් හා නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත්වන කුලී වැසියන්ට නිවාස ගැටලුවට පිළියම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන යෝජනා කර තිබෙනවා.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව තට්ටු 4ක් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටත් ප්‍රථම අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් සමන්විත නිවාස සංකීර්ණ 9ක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.

තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට මුලික ගෙවීමක් කිරීමට හැකියාව නොමැති බැවින් මාසිකව රුපියල් 15,000ක කුලී මුදලක් වර්ෂ 31ක් තුළ අය කර ගැනීමට නියමිතයි.

දෙවන හෝ තුන්වන පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකි වන පරිදි හා කිසිදු හේතුවක් මත නිවාස විකිණීමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමග ගිවිසුමකට එළඹීමට හැකිවන පරිදි අදාළ නිවාස ව්‍යාප්තිය සැලසුම් කර ඇති බව සඳහන් .

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමිව තිබෙන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *