BREAKING NEWS
Search

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

305

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී‍ ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මෙම පියවර ගන්නා බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

නිමල් ලන්සා මහතා ඉකුත් මස 22 වැනිදා ද ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් අමාත්‍යාංශයේ පවතින ගැටලු කිහිපයක් දැනුම් දී තිබූ බව ද වාර්තා විය.

පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ද ලන්සා මහතා එහි සඳහන් කර තිබූ බවත් තමන් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි ද ඇති බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් විය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කරන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

තමන් 22 වැනිදා ලිපියෙහි සඳහන් කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවෙමින් ඇතැයි ද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

Source:lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *