158 වන පොලිස් විරුදින සැමරුම් උත්සවය අද (20)පැවැත්වෙයි.
මේ, ඒ වෙනුවෙන් නිව්ස්ෆස්ට් තබන සටහනකි.
රට තුළ තිස් වසරක් LTTE ත්රස්තවාදීන් යුද්ධය දක්වා පැමිණි ගමන් මගෙහි ආරම්භක සිදුවීම්වලින් එක් සිදුවීමක් වූ පොලිස් සැරයන් කරුණානිධි, වික්‍රමාන්විතව රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම පොලිස් අනුස්මරණ දිනය ආරම්භ වීමට හේතුවිය.
ඒ, එවකට පොලිස්පති ආනා සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 1981 වසරේ මාර්තු මස 21වැනිදා ය.
1866 සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද අතර පොලිස් විරුවන් සැමරීමට දිනයක් නම් කෙරෙන්නේ එයින් වසර 115කට පසුවයි.
පොලිස් ඉතිහාසයේ මේ දක්වා 3,143 ක් වික්‍රමාන්විත රාජකාරීවලදී දේශයට අහිමි වූ අතර ආබාධයට පත් නිලධාරීන් ගණන 1,567කි.
වසංගත මැඩලීම,අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම ,රිය අනතුරු අවමකීරීමට , සමාජ දුසිරිත් මර්ධනය කර, නීතිය – සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් පොලීසිය සිදුකරන මෙහෙය අනුපමේයයි.
යහපත් සමාජයක් බිහිකරන්නට තම දිවි කැප කළ අමරණීය පොලිස් විරුවනි, අපි ඔබ ගෞරවාන්විතව සදානුස්මරණය කරන්නෙමු.
Source:newsfirst

















