BREAKING NEWS
Search

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ චමින්ද පීරිස් මිස්ටර් ශ්‍රී ලංකා ලෙසින් අහිෂේක ලබයි

182

73 වැනි මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගාවලිය ඊයේ වැලිසරදී නිමාව දුටුවා.

මෙවර තරගාවලිය බර පන්ති 8ක් යටතේ ක්‍රියාත්මක වෙද්දී ඊට තරගකරුවන් 250කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා.

මෙවර මිස්ටර් ශ්‍රී ලංකා ලෙසින් අහිෂේක ලබන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ චමින්ද පීරිස් සමත් වුණා.

දෙවැනි ස්ථානය යුද හමුදා ක්‍රීඩා සමාජයේ R.A.D.D රාජපක්ෂ දිනා ගනිද්දී, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ N.D.A.N.M. නවරත්න තුන්වැනි ස්ථානය දිනා ගත්තා.

මීට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගන්නට චලනි රයිගම් බණ්ඩාර සමත්වුණා.

දිනේෂා විතානගේ එහි දෙවැනි ස්ථානයත් දිල්මිණී මැණිකේ ඒකනායක තුන්වැනි ස්ථානයත් දිනා ගත්තා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *