BREAKING NEWS
Search

ලොව දිගම එල්ලෙන පාලම තුර්කිය විවෘත කරයි

279

තුර්කියේ Dardanelles සමුද්‍ර සන්ධිය හරහා ඉදි කරනු ලැබූ දැවැන්ත එල්ලෙන පාලම තුර්කි ජනාධිපති Tayyip Erdogan විසින්  විවෘත කර තිබෙනවා.

එය ඔහුගේ වසර 20ක පාලන කාලය තුළ ඔහු ප්‍රමුඛත්වය දුන් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක ප්‍රධානත්වය ගන්නා එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

තුර්කියේ යුරෝපීය සහ ආසියානු වෙරළ කලාප සම්බන්ධ කරමින්, මෙම පාලම ඩොලර් බිලියන 2.8ක ආයෝජනයකින් තුර්කි සහ දකුණු කොරියානු සමාගම් විසින් ඉදිකර තිබෙනවා.

ඩාර්ඩනෙල්ස් පාලම් ව්‍යාපෘතියේ කටයුතු 2017 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් සඳහා 5,000 කට අධික කම්කරුවන් සම්බන්ධ වූ බව සඳහන්.

පාලමේ එහි කුළුණු මීටර් 318 (යාර 347.8)ක් උස වන අතර පාලමේ සම්පූර්ණ දිග කිලෝමීටර් 4.6 (සැතපුම් 2.9) ක් වනවා.

මේ වන තෙක්, ඇනටෝලියාව සහ Gallipoli අර්ධද්වීපය අතර ගමන් කරන වාහනවලට පැයක ගමනකින් Dardanelles හරහා යාමට සිදු වූ අතර, ඊට ගතවූ කාලය පැය පහක් පමණ වුණා.

කෙසේවෙතත් පාලම ඉදි කිරීමෙන් පසු එම ගමනට ගතවන කාලය විනාඩි හයක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එක් මහාද්වීපයක සිට තවත් මහාද්වීපයකට යාමට දැන් ගතවන කාලය මිනිත්තු හයක්.

මෙම පාලම ආසියාව සහ යුරෝපය යා කරමින් බොස්පොරස් සහ ඩාර්ඩනෙල්ස් හි තුර්කි සමුද්‍ර සන්ධියට ඉහළින් ඇති සිව්වන පාලමයි.

පාලම විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති Recep Tayyip Erdogan පැවසුවේ “මේ වන විට ලෝකයේ දිගම එල්ලෙන පාලම් 10න් 3ක්ම තුර්කිය සතුව ඇති බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *