මුලතිව් සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද(20) සවස මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පෙරළීමෙන් අයෙකු මියගොස් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පෞද්ගලික බස් රථයක් හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් එකිනෙකා පරයා ධාවනයට සිදුකළ උත්සහයකදී අනතුර සිදුව ඇති බවට අනතුර දුටු පුද්ගලයින් පවසා ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බස් රථයේ මගීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන්කොට ඇති බවට මුලිකව අනාවරණය වන බවද පොලිසිය පැවසූහ.
ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ මළ සිරුර මුලතිව් මාන්චෝලෙයි රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, තුවාලකරුවන්ගෙන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය සඳහන් කළහ.
අනෙකු පිරිස සුළු තුවාල ලබා මාන්චෝලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Source:Hirunews