BREAKING NEWS
Search

ගැළවුණු කිරුළ නැවතත් පුෂ්පිකාටම ?

335

පුෂ්පිකා ද සිල්වා ගැන පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණේ, ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලස්වේගස් හි ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගි වීමත් සමඟයි. එහිදී අවසන් හය දෙනා අතරට තේරී පත්වුණු ඇය අනතුරුව ලංකාවට පැමිණ තමා වටා කුමන්ත්‍රණයක් දියත් වූ බව කියා සිටියා.

එසේම චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක් සෘජුවම මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට ද ඇය චෝදනා කළා. ඉන් පසුව සිදුවූයේ චන්දිමාල් විසින් ඇයට හිමි ‘මිසිස් ශ්‍රී ලංකා’ කිරුළද අහිමි කරවීමයි. එසේ කිරුළ අහිමි කළ බවට චන්දිමාල්, පුෂ්පිකාට ලිපියක් ද යොමු කළා. මේ අතර, පුෂ්පිකා විසින් ඇගේ නීතිඥයින් මාර්ගයෙන් චන්දිමාල්ට පිළිතුරු ලිපියක් යොමු කර ඇති අතර, එම ලිපිය ඇය ඇගේ මුහුණු පොතේ පළ කර තිබුණා.

ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරඟයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් 2022.02.17 දින මා වෙත එවන ලද ලිපියට මගේ නීතීඥවරුන් මගින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වේ. ශ්‍රී ලංකාවාසී ලෝකවාසී බුද්ධිමත් ජනතාවගේ දැනගැනීම පිණිස මම එය මෙසේ පලකරමි.

Source:සාරවිට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *