BREAKING NEWS
Search

18 වන උපන්දිනය සැමරූ පුංචි සුරංගනාවිය යොහානි හෙට්ටිආරච්චි

503

අපේ රංගන ක්ශේත්‍රයේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න දක්ශ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියල කියන්නේ. යොහානි මෑතකදී ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනත් ඇය කලා ක්ශේත්‍රයට පැමිනෙන්නේ මීට ගොඩ කාලයකට ඉහතදී සිටයි. ඉතින් මීට ගොඩ කාලෙකට කලින් රංගනයට පැමිනි ඇය ‘‘පුංචි පැංචි’’ වැඩසටහනේ නිවේදිකාව වශයෙනුත් කටයුතු කරල තිබෙනවා.

 

ඉතින් යොහානි ගැන කියනකොට ඇය මේ වෙනකොට ටෙලිනාට්‍ය දහයක් වගේ ප්‍රමානයකට සහ චිත්‍රපට 10ක් වගේ ප්‍රමානයකටත් ඊට අමතරව වෙලද දැන්වීම් රාශියකට සහ නිවේදන වැඩසටහන් වලටත් ඇගේ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඉතින් ඒ අතරින් ඇය මේ දවස් වල රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යක් විදිහට ‘‘සිහින ගෙනෙන කුමරියේ’’ කියන ටෙලිනාට්‍යය හදුන්වන්න පුලුවන්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන්නේ සකුනි කියන චරිතයටයි.

 

ඉතින් ඒ වගේම ඇයට තවත් ටෙලිනාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුන කියලත් ඇය කියල තියෙනවා. මේ අතරින් ටෙලිනාට්‍ය දෙකක පෙම්වතියගේ ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වීමට ඇයට ආරාධනා ලැබුනා කියලත් ඇය කියල තිබුනා. හැබැයි ‘‘ඇගපතින් උස්මහත් වුනත් තවමත් මම ගෙදර අයගෙ හුරතලෙන් හැදෙන ලමයෙක්’’ කියලත් ඇය කියල තිබුනා. ඒ වගේම මේ දවස් වල ඇය රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය සදහා මගතොටදිත් නිරන්තරයෙන් ප්‍රේක්ශක ප්‍රතිචාර බොහොමයක් හිමිවෙනව කියලත් ඇය කියල තිබුනා.

පසුගිය දා ඇය 18 වන වියට පා තැබූ අතර ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධානය කර තිබුණා. මෙම උපන්දින සාදය වෙනුවෙන් යොහානි සමග ක්ෂේත්‍රයට පිවිසි ළමා රංගන ශිල්පීන්ද, ජනප්‍රිය කලා තරු රැසක්ද පවුලේ හිතවතුන් ද එක්ව සිටියා.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *