BREAKING NEWS
Search

මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන ලෙස ජනපති පවසා නැහැ

318

ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ඉංග්‍රීසි පුවත්පතක පළ වූ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ජාවලදී මූල්‍ය කරුණු හැර නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ජා නොකළ බවයි.

එමෙන්ම වත්මන් මහබැකු අධිපතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට පූර්ණ විශ්වාසයක් ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Source:.newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *