වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ,මුහුණුපොතින් හඳුනාගත් පිරිසක් සාදයක් පවත්වන බවට වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන මටට්ක්කුලිය, ගනේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල, මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Source:Newsfirst



















