BREAKING NEWS
Search

ජනපති අද රාත්‍රී 8.30ට ජාතිය අමතයි

176

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

එම ප්‍රකාශය හිරු ටී.වී ඔස්සේ විකාශය කිරීමට නියමිත ව තිබෙනවා.

මේ අතර, පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයන් 48 දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැළසුම් කර ඇති බව මෙහි දී අනාවරණ වුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *