BREAKING NEWS
Search

අක්කර දෙක හමාරක අති සාර්ථක වී වගාව කිරි දෙණුන්ට දන් අපූරු ගොවි මහත්තයා

206

කිරිවදින අක්කර දෙක හමාරක අති සාර්ථක වී වගාවක් සමස්ත ගොවි පරපුරට පිං අනුමෝදන් කිරීම සඳහා කිරි එළදෙනුන්ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුව කොස්ගහින්න ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගලේවෙල නගරයේ ව්‍යාපාරිකයෙකු වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු මුල සිටම වගාකොට ඇත්තේ කිරි එළදෙනුන්ට දානය පිණිස වීම විශේෂත්වයක්.

ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම ස්ථානයට වැඩමවා මියගිය සමස්ත ගොවීන්ට, කුඹුරු අස්වැද්දු අතීත මුතුන් මිත්තන්ට, මාපියවරුන්ට අනුමෝදන් කරමින් ප්‍රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සත්ව   දානයක් ලෙස ලබා දීමට පිරිස කටයුතු කළා.

මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදු කර තිබෙනවා.

පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සඳහා වෙන් කිරීම් සිදු කළා.

මෙම අක්කර දෙකහමාරක වූ කුඹුරෙන් වී බුසල් 250ක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් අතීතයේ  සිට කුඹුරු අස්වද්දා ගොවිතැන් බත් කරන ලද මිය ගිය සෑම දෙනාටම පිං අනුමෝදන් කිරීම පමණක් නොව මෙහි ආහාර ගෙන පෝෂණය වෙන කිරි දෙනුන්ගේ කිරි වලින් සමස්ත රටේ ජනතාවට එහි පෝෂණය ලැබෙන බවද අතීතයේ හරකුන් විසින් සිදු කල විශාල වූ සේවයට ගරු කිරීමක් වශයෙන්ද මෙම පිංකම සිදුකල බව සංවේදීව  ව්‍යාපාරික සනත් බණ්ඩාර මහතා පැවසුවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *