රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නැගෙනහිර චීනයේ කාන්තාවකට මීට වසර 20කට පමණ පෙර තම දියණිය අහිමි වී ඇත. ඒ පාර අයිනේදී ඇයව කිසිවකු හෝ රැගෙන ගොස් ඇති බවටයි ඇය විශ්වාස කර සිටියේ. කෙසේ හෝ මෙම පිඩාවෙන් ඇය තම ජීවිතය ගත කරද්දි, අවුරුදු 20කට පමණ පසු පසුගිය මාර්තු 31 වෙනිදා ඇගේ වැඩිමහල් පුත්රයාගේ විවාහ උත්සවයේදී බොහොම අපූරු දෙයක් සිදුවිය.
ඒ මාර්තු 31 වන දින ජියැන්ග්සු පළාතේ සුෂෝ හි පැවති පුත්රයාගේ විවාහ මංගල්යයේදී මෙම නැවත හමුවීම සිදුවිය. මෙම කම්පන සහගත සොයා ගැනීම සිදු කර ඇත්තේ මනාලියගේ අතේ උපන් ලකුණක් කාන්තාව දුටු විටය. එය ඇගේ දිගු කලක් අහිමි වූ දරුවාට සමාන ය. සත්යය අනාවරණය කර ගැනීමට අධිෂ්ඨානයෙන් සිත දැඩි කරගෙන සිටි මෙම කාන්තාව, “මනාලියව දරුකමට හදා ගත්තේ”දැයි මනාලියගේ දෙමව්පියන්ගෙන් විමසීමට ධෛර්යය උපදවා ගෙන ඇයගේ දෙමව්පියන්ගෙන් මෙය ඇසුවාය.
ඇගේ කතාව සහ සමාන උපත් සලකුණ පැහැදිලි කිරීමෙන් පසුව මනාලියගේ දෙමව්පියන් තම දරුවා දරුකමට හදාගත් බව සනාථ කළහ. ඉන් අනතරුව අනෙක් විස්තරද සොයා බැලීමේදී අනාවරණය ඌයේ ඇය සැබවින්ම කාන්තාවගේ දිගුකාලීන අහිමි වූ තම දියණිය බවයි.
ඇයගේ හදා වඩා ගත් දෙමව්පියන් විසින් මීට වසර 20 කට පමණ පෙර ඇයට මෙම දියණියව හම්බ වී ඇත. ඒ පාර අයිනේදී ඇයව රැගෙන ගොස් ඇති යම්කිසි අයෙකුගෙනි.
මෙම අවස්ථාවේදී විවාහ උත්සවය අත්හිටුවීමට ඉඩ තිබුනද, තම පුතා – දැන් දියණියගේ මනාලයා ද දරුකමට හදාගත් බව එම කාන්තාව හෙළි කළාය. විවාහ මංගල්යය සැලසුම් කළ පරිදි සිදු වූ නමුත් මෙම සිදුවීම නම් ඔවුන්ගේ අමුත්තන්ට කිසිදා අමතක නොවන එකකි.
චීන සමාජ මාධ්යවල වේගයෙන් ව්යාප්ත වෙන මෙම සිදුවීමේ ඡායාරූප වල මනාලියහඬමින් දිගු කලක් තිස්සේ අහිමි වූ මව තදින් බදාගෙන සිටිනු දැකගත හැකිය. දියණිය හරියටම අතුරුදහන් වූයේ කෙසේදැයි නොදන්නා නමුත් සමහරු මිනිස් ජාවාරම්කරුවන් විසින් එය සිදුකරන්නට ඇති බව කාන්තාව විශ්වාස කරයි
උපුටාගැනිමකි

















