පිළිකා අවදානම අඩු කරන විශ්මිත ගුණ දෙන මුරුංගා තේ

187

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මුරුංගා  තුළ  අසාමාන්‍ය ඖෂධීය ගුණ සමුදායක් තිබෙනවා.යකඩ, පොස්පරස්, කැල්සියම් සහ විටමින්වලින් අධි පෝෂිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ඒ නිසාම බොහෝ අය මේ ගැන උනන්දුවක් දක්වනවා.
ඉතා ඈත අතීතයේ ඉඳන්ම   මුරුංගා   ආහාර  සහ  ඖෂධ   වශයෙන්   යොදාගෙන   තියෙනවා.  අපේ   අනිකුත්  පෝෂ්‍යදායක  ආහාර  හා  මුරුංගා  කොළ   සසඳා   බැලූ විට
*යෝගට්වල   මෙන්  9  ගුණයක්  ප්‍රෝටීන්

*කැරට්වල  මෙන්  10  ගුණයක්  විටමින්  A

*කෙසෙල්වල  මෙන්  15  ගුණයක  පොටෑසියම්

*කිරිවල    මෙන්  17  ගුණයක   කැල්සියම්

*දොඩම්වල  මෙන්  12  ගුණයක  විටමින් C  ඇති බවට පර්යේෂණ තුළින්  තහවුරු කරගෙන තිබෙනවා.ඉතිං ඒ නිසාවෙන්ම අද අපි කියලා දෙන්න යන්නේ මුරුංගා කොළවලින් සකසා ගත හැකි තේ පානය ගැනයි

මුරුංගා කොළවල ගුණ

  • ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක්
  • පිළිකා අවදානම අවම කිරීම
  • කොලෙස්ටරෝල් පාලනය කිරීම
  • වකුගඩු පිරිසිදු කිරීම
  • රුධිරය පිරිසිදු කිරීම
  • තරබාරු බව අඩු කරනවා
  • අස්ථි හා  දත්  ශක්තිමත් කිරීම

මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් සෝදා මද පවනේ වේලා ගත්  මුරුංගා කොළ (දින 4ක් හෝ 5ක් හොඳින් වේලා ගත යුතුයි)
  • උණු වතුර

සකසා ගන්නා ආකාරය

  • මුරුංගා කොළ හොඳින් කුඩු කර ගන්න
  • උතුරවා ගත්  වතුර එකකට කුඩු කර ගත් මුරුංගා කොළ දමා හොඳින් තැම්බෙන්න හරින්න.
  • පසුව සාමාන්‍ය ආකාරයෙන් තේ සාදා ගන්නා ආකාරයට මුරුංගා කොළ භාවිතයෙන් තේ සකසා ගන්න
  • හකුරු සමග රස විඳින්න

සැලකිලිමත් වන්න

දිනපතා පානය කිරීම හරහා රුධිරයේ  සීනි ප්‍රමාණය අවම කරන බැවින් සුදුසු නොවේ.එබැවින් ඒ ගැන සැලකිලිමත් වන්න .

ඉතාම ගුණදායි පානයක් වන මුරුංගා කොළ තේ පානය ඔබත් අදම එදිනෙදා භාවිතයට ගන්න.එය ඔබට නොසිතන හොද ප්‍රතිඵල ලබා දේවි.

Source:Smartlady




Leave a Reply

Your email address will not be published. Required fields are marked *