BREAKING NEWS
Search

ඔබේ මුහුණේ හැඩයෙන් කියවෙන රහස්

236

චීන සංස්කෘතියේ බොහෝ විශ්මිත හා ආකර්ෂණීය අංග තිබෙනවා. මොවුන් විශ්වාස කරන පරිදි අපේ මුහුණේ හැඩය මගින් අපේ පෞරුෂය ගැන බොහෝ දේ කියන්න පුළුවන්.ඒ අනුව ඔබේ මුහුණේ හැඩය මගින් කියවෙන ඔබේ පෞරුෂ ලක්ෂණ ගැනයි අද අපි කතා කරන්නේ.

දියමන්ති හැඩැති මුහුණ

දියමන්ති හැඩැති මුහුණු ඇති පුද්ගලයින් බොහෝ විට නායකත්ව ලක්ෂණ දරනවා.එමෙන්ම එවැනි අය සමාජයේ කැපී පෙනීමට මහත් කැමැත්තක් දක්වනවා.
බොහෝ අධ්‍යයන මගින්ද මේ බව තහවුරු වී තිබෙනවා.

රවුම් හැඩැති මුහුණු

ළමයෙකු වැනි, රවුම් මුහුණක් ඇති පුද්ගලයින් චීන මුහුණු කියවීමේ ක්‍රමවලට අනුව පහසුවෙන් හැසිරවිය හැකියි. මෙම පුද්ගලයින්ට දරුවෙකු වැනි පෙනුමක් ඇති නිසා, ඔවුන් හැසිරවීමට උත්සාහ කිරීමට වැඩි පිරිසක් පෙළබෙනවා.

ඕවලාකාර හැඩැති මුහුණු

ඕවලාකාර හැඩැති මුහුණු ඇති අය භාහිරව ඉතා පෞරුෂයන් පෙන්නුම් කරන අතර බොහෝ විට කීර්තිමත් පුද්ගලයින් සතුව ඕවලාකාර හැඩති මුහුණු දැකිය හැකියි. ඕවලාකාර හැඩැති මුහුණු සහිත අය ආකර්ශනීය හා සමාජශීලි අය වනවා. අනෙක් අතට, මෙම හැඩය ඇති පුද්ගලයින් අන් අය තමන් ගැන සිතන දේ ගැන ඕනෑවට වඩා සිතනවා.

සෘජුකෝණ හැඩැති මුහුණු

මෙම හැඩය ඕනෑවට වඩා සිතීමට නැඹුරු වන පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරනවා. එමෙන්ම ඉහළ බුද්ධි මට්ටමකින් සහ තාර්කික චින්තනයකින්ද යුක්ත වනවා.

බිත්තරයක හැඩැති මුහුණ

මෙම හැඩය උඩු යටිකුරු බිත්තරයක් මෙන් පෙනෙන අතර මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. සමහර ධනවත් සහ බලගතු ගෝලීය නායකයින් සංසන්දනය කරද්දී බොහෝ අය මෙම හැඩයෙන් යුතු බව පෙනී ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *