BREAKING NEWS
Search

සිහින් සිරුරක් ලබා ගන්න දිනකට විනාඩි 30ක් මේ ව්‍යායාම කරන්න

986

ඔබ උදෑසන ම අවදිවන පුද්ගලයෙක් වුවත් නැතත්, උදෑසන ව්‍යායාම් කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා ම හොඳ දෙයක්. ඔබට කෙට්ටු වීමට හෝ ශරීරයේ බර වැඩි කරගැනීමට අවශ්‍ය නොවුණත්, සිරුර ප්‍රශස්ත මට්ටමක තබා ගන්නට පවා ඔබට උදෑසන ව්‍යායාම් මාලාවක් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම ඔබේ දිනය ඉතා උද්යෝගීමත් කර දෙන්නටත් උදෑසන ව්‍යායාම් මාලාවක් සිදු කිරීම සමත් වෙනවා.

උදෑසන ව්‍යායාම් මාලාවක් සිදු කිරීමෙන් ඔබට ලැබෙන වාසි

  • සුව නින්දක් ලැබීම
  • පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු වීම
  • අනවශ්‍ය මේද සිරුරේ එකතු නොවීම
  • දවස පුරා ප්‍රබෝධමත් ව සිටින්නට හැකි වීම
  • ශරීර ස්කන්ධය නිවැරදි ව තබා ගන්නට හැකි වීම
  • මානසික සුවය ඉහළ යාම
  • බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අවම වීම

උදෑසනට සිදු කළ හැකි විනාඩි තිහක ව්‍යායාම් මාලාවක්….

Jumping Jacks

සාමාන්‍යයෙන් සිට ගන්නා සේ දෙඅත් පහළට දමා සිට ගන්න. අත් ඔසවා උඩ පනින්න. නැවත පෙර සිටි ඉරියව්වට පැමිණෙන්න. මෙය විනාඩි 10ක් සිදු කරන්න.

Crunches

අත් දෙක හිස යට තබා ගෙන, බිම වැතිරී කකුල් දණහිස ළඟින් නවාගන්න. දැන් කුස පෙදෙසෙන් වෙර ගෙන කඳ කොටස ඉහළට ඔසවන්න. යළි පහත් කරන්න. මෙය විනාඩි 05 ක් කිරීම ප්‍රමාණවත්.

Lying Leg raises

අත් දෙක දෙපස තබා බිම වැතිරෙන්න. කඳ කොටස නොසෙල්වෙන සේ ඉනෙන් වෙර ගෙන දෙපා ඉහළට ඔසවන්න. යළි පහත් කරන්න. මෙය විනාඩි 05 ක් සිදු කරන්න.

Squads

දෙපා අඩියක පරතරයත් තිබෙන සේ ඈත් කර සිට ගන්න. අත් ඉදිරියට දිගු කොට, කඳ කෙළින් තබා ගෙන දණිස්සෙන් පහළට නැවී නැවත් කෙළින් වෙන්න. මෙය විනාඩි 05ක් සිදු කරන්න.

  1. නැවත jumping jacks විනාඩි 05ක් සිදු කර ව්‍යායාම් මාලාව අවසන් කරන්න.

Source:smartlady.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *