දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි, යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් අදාළ ඉහළ දැමීම සිදුකරන්නැයි, ඉල්ලන බවය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු සඳහන් කළේ ය.
මේ අතර, බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තු 60% කින් ඉහළ දමා තිබේ.
Source:Hirunews



















