ශ්‍රී ලංකා රූ රැජින තරඟයේ කාගෙත් අවදානය දිනාගත් ඇය, අති දක්ෂ නිරූපිකාවක වන අතර, හැමෝගේම සිත් නෙත් දිනා ගනිමින්, ටෙලි නාට්‍යයන් මෙන්ම සිනමා රංගන ශිල්පිනියක වන්නට වරම් ලැබූ ඇය නමින් අනූෂා රාපක්ෂ යි.
අනූෂා සිය වැඩකටයුතු වල ඇති සාර්ථකභාවය නිසාම ඇයට රංගන ශිල්පිනියක නිරූපන ශිල්පිනියක වන්නට කලට වෙලාවට හැකි වී තිබෙන අතර, පසුකාලීනව ඇය “ඉවෙන්ට්ස් කළමනකාරිනියක” විදියටත් කාගෙත් ආදරය ගෞරවය දිනා ගන්නවා.
මේ වන විට අනූෂා කියන්නේ විවාහක කාන්තාවක වන අතර, ඇගේ විවාහය නිසාම ඇයට පිටරට යන්නට සිදු වනවා. ඒ ඕස්ට්‍රෙලියාවට යි.
ඇගේ සැමියාගේ නම් ආසාවක් නෑ ලු නැවත අපේ රටට එන්නට. ඉතින් ඒ නිසාම 2014 වසරේ විවාහ වුණු අනූෂා 2015 වන විට ඕස්ට්‍රේලියාව බලා පිටත් වනවා තම ආදරණීය සැමියා සමඟින්.
මගේ විවාහයත් එක්කයි විදෙස්ගත වෙන්නට සිදු වුණේ” කියලා, අනූෂා හරි අපූරුවට කියන්නට අමතක කරේ නම් නෑ. ගොඩක් දෙනක් කියන කථාවක් තමයි අනූෂා විවාහ වූයේ ඇයට වඩා වයසින් බාල කෙනෙකු සමඟන් කියන කථාව.
ඉතින් අනූෂා ඒකට කියන කදිම කථාව තමයි මේ. “මම අවුරුදු 60-70ක වයසෙ තරම් මිනිහෙක් බැන්දේ නෑ. බොහෝ අය කිවුවා මට මං ව්‍යාපාරිකයන්ගෙන් යැපෙනවා කියන කථාව.

මගේ හස්බන්ඩ් මට වඩා අවුරුදු 3ක් නම් බාලයි. ඒ හින්දා අද අපි හරිම සතුටින් තමයි ජීවත් වෙන්නේ. සමහර අයට නම් ඒකත් වැරැද්දක් විදියට පේනවා ඇති.
ඉතින් මං කියලා මොනවා කරන්න ද?. එක එක කට කථාවල් කියන මිනිස්සුන්ගෙ නම් දැන් කටවල් වැහිලා ඇති”, කියල. අනූෂා ගේ ආදරණීය සැමියා ඇය නැවත රංගන කරලියට පැමිණෙනවාට අකමැති අතර,
ඉතින් අනූෂා නම් කියන්නේ,
“ඒ හින්දා මේ ඉන්න විදිය ඇයට හොඳයි. රංගනයට ගිහිල්ලා මගේ පවුල් ජීවිතේ මට නැති කර ගන්න කිසිම වුවමනාවක් නෑ” කියලා. ඒ වගේම අනූෂා කියනවා,
ඒ තමයි,
“ඒ කාලේ මොඩිලින් වලට නොතිබ්බ තරඟයක් අද වන විට ලංකාව තුළ පවතිනවා. හතු පිපිපෙනවා වගේ අලුත් අය ක්ෂේත්රයට බිහිවෙනවා. ලංකාවේ තිබෙන හැම රූපවාහිනියකම අවුරුදු කුමරියෝ බිහි වනවා.
ඉතින් මේ ක්ෂේත්රයට යන එන පිරිස වැඩියි. ඒ වුණත් දීර්ඝකාලිනව රැදෙන පිරිස නම් අඩුයි” කියලා.
Source:viral21news




















