සෙල්ලකතරගම, කොහොඹදිගාන ගම්වාසී පවුල් 500ක් පරම්පරා ගණනාවක් විඳි දුක් අවසන් කර, අලුත් ජල බලාපොරොත්තුවක් ඇති කිරීමට ගම්මැද්ද අද (11) සමත් විය.
කොහොඹදිගාන ගමේ පවුල්වල ජීවිකාව බොහොම දුක්බරයි.
ගොවිතැනින් දිවි සරි කර ගන්නා ගම්මුන්ට වන අලි තර්ජනවලිනුත් අඩුවක් නොමැත.
ඒ වගේම, කොහොඹදිගානෙ ගම්මුන්ට කොහොමටවත් බීමට සුදුසු පිරිසිදු ජලට නොතිබුණි.
ගම්වාසීන්ට බීමට සුදුසු පිරිසිදු ජල මූලාශ්‍රයක් හොයාගෙන කිලෝමීටර් ගාණක් දුර පයින්ම ගෙවා යන්න සිදුවිය.
ගමේ සිට කිලෝ මීටර් 3 ක දුරින් පිහිටි පසු පාසලක ඇති ජල පෙරණයෙන් ගත්ත වතුර කොහොඹදිගාන ගමේ ජනතාවගේ පිපාසය නිවන එකම මාර්ගය විය.
කොහොඹදිගාන ගමේ ඇතැමුන් වකුගඩු රෝගීන් ය.
ගම්මුන් මේ දුක විඳින්නේ දවසක දෙකක සිට නම් නොව පරම්පරා ගණනාවක් තිස්සේයි.
ගම්මැද්ද අද (11) කොහොඹදිගාන ගමේ, ඉතිහාසය වෙනස් කිරීමට සමත් විය.
කොහොඹදිගාන ගමේ ජනතාව වෙනුවෙන් ජල ව්‍යාපෘතියක් ලබා දීමේ වැඩ ආරම්භ කෙරුණේ , කාන්ති වෙත්තමුණි සහ කුමුදුණි ද සොයිසා අබේසිරිවර්ධන මහත්මීන්ගේ නැසී ගිය මා පියන් වන ෆීලික්ස් ආර් ද සොයිසා මහතා හා එම මැතිණිය සිහි කිරීම පිණිස ලබා දුන් පරිත්‍යාගයෙනි.
කොහොඹදිගාන ගම්මුන්ගේ පවස නිවන මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීමට තාක්ෂණික සහයෝගය ලබා දෙන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
Source:Newsfirst



















