BREAKING NEWS
Search

මාතර පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට

155

මාතර නගරය සහ රන් දූපත(පරෙවි දූපත) මංගල උපෝසථාගාරය යා කරමින් ඉදිකරන ලද තාවකාලික පාලම අද(12) ජනතා අයිතියට පත් කර තිබේ.

ඒ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි.

රන් දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම මුහුදට කඩා වැටුණේ පසුගිය 04වැනිදාය.

එහිදී පාලම මත සිටි කිහිපදෙනෙකුට සුළු තුවාල ද සිදුවිය.

අනතුරුව යුද හමුදාවේ දායකත්වයෙන් ස්ථීර පාලමක් ඉදි කරන තෙක් මෙම තාවකාලික පාලම ඉදි කරනු ලැබිණි.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *