BREAKING NEWS
Search

ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්වයට

202

ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්වයට පත් කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලේ ගෑස් හිඟයට පිළියම් ලැබෙනු ඇති බවයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය දිනවල වෙළඳපොලේ ලිට්රෝ ගෑස් හිඟයක් උද්ගත වූයේ, ණයවර ලිපි විවෘත කිරීමට ඇතිවූ දුෂ්කරතාව මතයි.

කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව දැනට උස්වැටකෙයියාව – තල්දියවත්ත ප්‍රදේශයේ ගෑස් බෝයාව ආසන්නයේ නැංගුරම් ලා තිබෙන නෞකා දෙකෙහි ගෑස් තොගද ගොඩබෑම ආරම්භ කරන අතර, දිනකට සිලින්ඩර 80,000ක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ලිට්රෝ සමාගම සැළසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඩොලර් හිඟයත් සමඟ ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාව නිසා ලාෆ්ස් සමාගම තවදුරටත් සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා.

මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශවල ආපණ ශාලාද තවදුරටත් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳපොලේ උද්ගතව ඇති ගෑස් හිඟය හේතුවෙන් ජනතාව අදත් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකිවුණා.

Source:Hirunews

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *