රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමත් සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවට රෝස් පාන් කාලක් රැගෙන පැමිණියා.
මේ අතර, ලංකා අයි ඕ සී ඉන්ධන මිල ඉහළ නැංවීම පිලිබඳව ද අද (11) පාර්ලිමේන්තුවේදී හට ගත්තේ උණුසුම් සංවාදයක්.
එසේම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඉඩම් ආඥා පනත යටතේ මෙතෙක් කල් ප්‍රතිපාදන හිමිව තිබුණේ දීමනා ග්‍රාහකයාගේ ඇවෑමෙන් වැඩිමල් පිරිමි දරුවාට අයිතිය හිමිවීමයි.
නමුත් මෙම සංශෝනය අනුව පවුලේ අනෙක් දරුවන්ට ද සාධාරණයක් වන පරිදි අයිතිවාසිකම් හිමිවනු ඇති.
Source:Hirunews



















