BREAKING NEWS
Search

මෙරට වයස්ගතම කාන්තාව දිවියෙන් සමු ගනී

207

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ඉමදුව – කනංකේ කනංකේවත්ත පදිංචි ව සිටි කංකානමි ගමගේ ඩිංගිහාමි මාතාව වයස අවුරැදු 116ක් ආයු වලඳා අද (10 ) උදෑසන ජීවන ගමනට සමුදුන් බව වාර්තා වනවා.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ දී 1906 ජනවාරි මස එකොළොස් වැනි දා ඇය උපත ලබා තිබුණා.

ඒම්.ජී.දනෝරිස් සමඟ විවාහ දිවියට ඇතුළත් ව සිටි ඇය ඔවුන්ගේ ජිවන උපාය මාර්ගය වූයේ, කෘෂි කර්මාන්තයයි.

ඇය පුතුන් දෙදෙනෙකුගේ හා එක් දියණියකගේ මවක්.

පසුගිය වර්ෂයේ ජාත්‍යන්තර වැඩිහිටි දින‍යේ දී මහත් හරසරින් පුද ලද ඩිංගි හාමි, අවුරුදු 116ක් ආයු ලැබීමට තරම් දුර්ලබ වාසනාවකින් යුක්ත වුණා.

දේහය මේ වන විට කනංකෙ වත්ත නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (11) දින පස්වරුවේ දී පවුලේ සුසාන භූමියේ දී සිදු වෙනු ඇති.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *