BREAKING NEWS
Search

ඉන්ධන මිල යළි ඉහළට. නව මිල ගණන් මෙන්න

260

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 214ක්.

පසුගිය පෙබරවාරි මස 25 වනදා ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

ඒ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15ක් ලෙසයි.

IOC සමාගම පසුගිය පෙබරවාරි මස 6 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

රටේ පවතින ඩොලර් අර්බුදය සහ රුපියල පා කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ.

සිය සමාගම් පාඩු නොලබන ආකාරයට ජනතාවට ඉන්ධන සැපයීමට නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීමේ දී මෙන්ම මෙරට තුළ රුපියල අවප්‍රමාණය වීම යනාදී කාරණා හේතුවෙන් මෙවැනි තීරණවලට ව්‍යාපාරික වශයෙන් එළඹීමට සිදුවන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා කියා සිටියේ.

අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් දින 07ක් තුළ රුපියල් 57ක් දක්වා දෙවතාවක් අවප්‍රමාණය වීම ඩීසල් සහ ප්‍රෙටල්වල ගොඩබෑමේ සිට මිල සෘජුව වර්ධනයට බලපෑ බව ද නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *