BREAKING NEWS
Search

ගෑස් හිඟය තවත් සතියක්

166

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දිවයිනට පැමිණ ඇති ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු අද දිනයේත් සිදුකෙරෙන බවයි.

මීට පෙර දිවයිනට පැමිණ තිබූ මෙටි්‍රක් ටොන් 2600ක් රැගත් ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම අවසන්ව ඇති අතර, එහි ගෑස් අද වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපනශාලා වසා දමා ඇති තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කළ හැකියි.

ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් පරිභෝජනය කරන ජනතාවද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

මේ අතර, ලබන සිකුරාදා හෝ සෙනසුරාදා පමණ වනවිට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවට විශ්වාස කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු රථවාහන පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, අද දිනයේදීත් A,B,C,D,E,F,G,H,I,J,K, L යන කලාපවලට උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක කාලයක්ද සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙනවා.

එමෙන්ම P,Q, R,S,T,U,U,V ,W යන කලාපවලට අද විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක කාලයක් පමණයි.

ඒ පස්වරු පහේ සිට රාත්‍රි 9 දක්වා කාලය තුළයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *