BREAKING NEWS
Search

ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමට විමල්, වාසු, ගම්මන්පිල නෑ

211

අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත් වන බව පැවසූ වාසුදේව නානායක්කාර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටියේ නැහැ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත සමරවීර ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා, අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් කිහිපදෙනෙක්ද එම රැස්වීමට සහභාගී වී සිටියේ නැහැ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මෙවන් පසුබිමක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එම මන්ත්‍රීවරුන් ඇතුලු පක්ෂ රැසක් එක් කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව වැඩපිළිවලක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් සිටින බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *